.webp)

මේ අතර ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ, සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350 ක මූල්‍ය ආධාර අනුමත කළේ ය.
දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා, ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක හදිසි ආධාර පැකේජයක් අනුමත කර තිබේ.
ඩොලර් මිලියන 100ක ණය මුදලක් සහ තවත් ඩොලර් මිලියන 100ක සහනදායි ණය මුදලක් ලෙස අදාළ පැකේජය කොටස් දෙකකින් සමන්විතයි.
ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ප්‍රමිතිය සහතික කිරීම සඳහා ඩොලර් ලක්ෂ 5ක තාක්ෂණික ආධාර ප්‍රදානයක්ද ඊට ඇතුළත්.
හානියට පත්වූ මාර්ග සහ වාරිමාර්ග යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම, බලපෑමට ලක් වූ කුඩා වතු හිමියන්ගේ ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම මෙන්ම, දැඩි ලෙස හානි වූ හෝ විනාශ වූ නිවාස ප්‍රතිසංස්කරණයට සහාය වීම අදාල හදිසි ආධාර පැකේජයේ අරමුණයි.
ප්‍රවාහන, වාරිමාර්ග, කෘෂිකර්ම සහ ආපදා කළමණාකරණය සඳහා වගකිව යුතු රජයේ ආයතන හරහා, අදාල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර ඊට ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘති උපදේශකයින්ගේ සහය ලැබෙනු ඇති බවත් අදාළ වෙබ් නිවේදනයේ දැක්වේ.
මේ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන දිරිගැන්වීම, තරගකාරිත්වය ශක්තිමත් කිරීම සහ රැකියා උත්පාදනය අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 150 ක මූල්‍ය ප්‍රතිපාදනයක් ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
