ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශර්මිලා පෙරේරාට ඇප

අත්අඩංගුවටගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක වන ශර්මිලා පෙරේරාට ඇප

by Staff writer 30-06-2026 | 5:46 PM

COLOMBO(News1st) - අත්අඩංගුවට ගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනියක වන ශර්මිලා පෙරේරා ඇප මත මුදා හැර තිබේ.

ඒ ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඇය අද(30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඒ, ජාතික ලොතරැයි මණ්ඩලය වෙත අනුමත ක්‍රමවේදයෙන් පරිබාහිරව අනුමත ධුරාවලියේ නොමැති තනතුරකට සහ එක් අයෙකු අනුමත ධුරවලියේ තනතුරකට පුරප්පාඩු නොමැතිව තුන්දෙනෙකුට කොන්ත්‍රාත් පදනමින් පත්විම් ලබාදී එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ කාර්ය මණ්ඩලයේ සේවයට යොමු කිරිම,

ඔවුන්ගෙන් කිසිදු සේවයක් ලබානොගෙන එම පුද්ගලයින්ට වැටුප් හා දිමනා ගෙවිමට සැලැස්විමෙන් දුෂණය නැමැති වරද සිදු කිරිමේ චෝදනා යටතේයි.

ඇය මේවන විට නව ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ ලේකම්වරිය ලෙස ද කටයුතු කරමින් සිටියි.