'සිරස රුහුණු මායා' පොසොන් පූජා....

'සිරස රුහුණු මායා' පොසොන් පූජා රම්බා රජමහා විහාරය, සද්ධර්මාලංකාර විද්‍යායතනය සහ මත්තල අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින්..

by Staff writer 29-06-2026 | 8:18 AM

COLOMBO (News 1st) - සිරස මාධ්‍ය ජාලය මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් එකවර ස්ථාන තුනක ආගමික වැඩ සටහන් සංවිධානය කර තිබේ.

එය නම් කර තිබෙන්නේ,  'සිරස රුහුණු මායා' පොසොන් පූජා ලෙසයි

අම්බලන්තොට රම්බා රජමහා විහාරස්ථානය, රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යායතනය සහ මත්තල අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මුල්කර ගනිමින් සිරස රුහුණු මායා පොසොන් පූජා වැඩ සටහන ක්‍රියාත්මකයි.

රුහුණු මාගම්පත්තුවේ මත්තල ජාත්‍යන්තර අංගීරස බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන සිරස රුහුණු මායා පොසොන් පූජා වැඩසටහන පෙරේදා ආරම්භ වූයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි.

අද දිනය පුරා දාන සීල භාවානා ඇතුලු වැඩසටහන් රැසක් මෙහිදී පැවැත් වීමට නියමිතයි.

සිරස රුහුණු මායා පොසොන් පූජා වැඩසටහනේ තවත් අදියරක් අම්බලන්තොට රම්බා රජමහා විහාරස්ථාන කේන්ද්‍ර කර ගිනිමින් ක්‍රියාත්මකයි.

සිරස රම්බා දම්සවිය පොසොන් කලාපය අද (29) සහ හෙට (30) පැවැත්වේ.

සිරස මිණිපුර පොසොන් කලාපය අද සිට ලබන පස් වැනිදා දක්වා පැවැත්වෙන්නේ රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යායතනය කේන්ද්‍ර කරගනිමිනි.

රත්නපුර ඔරලෝසු කණුව අභියස සිට පැවැත් වෙන මෙම පොසොන් කලාපයට පැමිණීමෙන් ආමිස ප්‍රතිපත්ති පූජා රැසකය සහභාගී වීමට බෞද්ධ බැතිමතුන්ට අවස්ථාව හිමි වේ.