.webp)
 (3)-619099.jpg)
කලක් රෝගාතුරව සිටි ඔහු අද (29) අලුයම අභාවප්‍රාප්ත වූයේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි.
මියයන විට රුක්මන් අසිතගේ වයස, අවුරුදු 48 ක්.
ඔහු ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ, සිරස සුපර් ස්ටාර් සීසන් 2 හරහායි.
එහිදී කාගේත් අවධානයට ලක්වූ ඔහු, අවසන් තරගකරුවන් 12 දෙනා අතරට පැමිණීමට වරම් ලැබුවේ ය.
එදා ඇරඹි ගායන දිවිය තුළ ඔහු ගායනා කළ, ආදරේ මහා සුන්දරයි කියා සහ උදේ හවා දකිනවා යන ගීත, මෙරට රසිකයින් අතර අතිශය ජනාදරයට පත්විය.
ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි චරිතයක් වූ ඔහු, වේදිකාවේ ඉතිරි කර ගිය මතක, හැමදාමත් අපේ හදවත් තුළ නොමැකී පවතීවී.
