නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ.

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් අද විනාශ කෙරේ.

by Staff writer 27-06-2026 | 11:38 AM

COLOMBO(News1st) - අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් අද(27) විනාශ කෙරුණි.

ඒ, පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝවත්ත දහන උදුනේදීයි.

පොලීසිය පැවසුවේ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ ඇති නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් එලෙස විනාශ කල බවයි.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 22 ක්,  කොකේන් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 30ක් හා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39 ග්‍රෑම් 710ක් අද විනාශ කළ මත්ද්‍රව්‍ය තොගයට ඇතුලත්.

ඊට අමතරව හෙරොයින් ග්‍රෑම් 156ක්,  ගංජා හා හෂීෂ් කිලෝග්‍රෑම් 04න් ග්‍රෑම් 136ක්, මැන්ඩි කිලෝග්‍රෑස්  01 ග්‍රෑම් 200ක් සහ මත්පෙති 26,262 ක්  විනාශ කළ මත්ද්‍රව්‍ය අතර වන බව පොලීසිය පවසයි