.webp)
-618829.jpg)
මෙරට වේලාවෙන් අද අළුයම 3. 34ට පමණ ඇතිවූ එම භූ කම්පනයෙන් තත්පර 39කට පසු ඒ ආසන්නයේම තවත්මැග්නිටියුඩ් 7. 5ක භූ කම්පනයක් ඇතිවූ බව විදෙස් වාර්තාවල සඳහන්.
අදාළ භූ කම්පන දෙකම වෙරළ තීරයට ඉතා ආසන්න ගොඩබිම් ප්‍රදේශ වල වාර්තා වූ අතර මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කෙරිණි.
ඒ අනුව, උතුරු වෙනිසුවෙලාවට මෙන්ම කැරිබියන් මුහුදේ වෙනිසුවෙලාව ආසන්න කුඩා දූපත්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණු අතර, පුවෙටෝ රීකෝ සහ බ්‍රිටිෂ් වර්ජින් දූපත්වලට ප්‍රබල රළ පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් වූ බව විදෙස් වාර්තාවල දැක්වේ.
ඉන් ජීවිත හානි සිදුව ඇත්දැයි මෙතෙක් වාර්තා වී නොමැති අතර, වෙනිසුවෙලානු අභ්‍යන්තර අමාත්‍යවරයා සඳහන් කළේ කරෑකස් අගනුවර ආශ්‍රිතව දේපල හානි වාර්තා වන බවයි.
වෙනිසුවෙලානු වේලාවෙන් භූ කම්පන ඇති වූයේ පස්වරු 6ට පමණ වන අතර ජූනි 24 වැනිදා එරට ජාතික නිවාඩු දිනයක් වන බැවින් වැඩි පුද්ගලයින් පිරිසක් නිවෙස් තුළ රැදී සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනෙවල ප්‍රබලත්වය අසල්වැසි කොලොම්බියාවටත් දැනී ඇති බවයි.
ශ්‍රී ලංකාවට මින් කිසිදු ආකාරයක බලපෑමක් නොමැත.
