WTI වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල පහළට..

ඇමරිකානු WTI වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69ක් දක්වා පහළට..

by Staff writer 25-06-2026 | 7:20 AM

COLOMBO (News 1st) - මැද පෙරදිග ගැටුම් ආරම්භයෙන් පසු පළමු වරට ඇමරිකානු WTI වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69ක් දක්වා පහත වැටී තිබේ.

ඒ අනුව අද (25) අලුයම 5.30වන විට ඇමරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69යි සත 93ක් ලෙස සඳහන් විය.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිලද 4% පහළ ගොස් ඩොලර් 73යි සත 74ක් ලෙස සටහන් වේ.

පෙබරවාරි මාසයේ ගැටුම්වලට පෙර ඩොලර් 60ත් 70ත් අතර මිලක පැවති බොරතෙල් බැරලයක මිල පසුගිය අප්‍රේල් මාසය වන විට ඩොලර් 126ක් දක්වා ඉහළ ගියේය.

ඉරානය සහ ඇමරිකා අවබෝධතා ගිවිසුමට අත්සන් දැමීමෙන් පසු දැන් ක්‍රමයෙන් මිල ගණන් පහළ යමින් පවතී.