.webp)
-618791.jpg)
රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා සඳහන් කළේ , අදාළ සැකකාරිය කැනඩාවේ ටොරෙන්ටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ඊයේ රාත්‍රීයේ මෙරටට පැමිණ ඇති බවයි.
ගමන් මලු 02ක සඟවා එම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන විත් ඇති අතර වටිනාකම රුපියල් මිලියන 352කට අධික බව රේගුව සඳහන් කළේ ය.
සැකකාරිය 18 හැවිරිදි කැනඩා විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකි.
ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා කැනේඩියානූ ඩොලර් 12,500 ක් සහ විදේශ සංචාරයක් ලබා දීමේ පොරොන්දුව මත විශ්වවිද්‍යාලයේ රියදුරෙකු මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට එවා ඇතැයි මූලික පරීක්ෂණවල දි අනාවරණය වී තිබේ.
සැකකාරිය ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට නියමිතයි.
