විදුලි දුම්රිය මාර්ග ඉදිරිකිරිමට කැබිනට් අනුමැතිය.

විදුලි දුම්රිය මාර්ග ඉදිරිකිරිමට කැබිනට් අනුමැතිය.

by Staff writer 23-06-2026 | 8:18 PM

COLOMBO(News1st) - විදුලි දුම්රිය මාර්ග ඉදිකිරිම සදහා අවශ්‍ය පියවර ගැනිමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ ප්‍රවාහන ,මහාමාර්ග හා නාගාරික සංවර්ධන අමාත්‍යවරයා විසිනි.

ඒ අනුව අධික මගී තදබදයක් පවතින දුම්රිය මාර්ගයන් විදුලි දුම්රිය මාර්ග ඉදිකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ ගම්පහ,වේයන්ගොඩ,මිරිගම සහ පොල්ගහවෙළ යන දුම්රිය ස්ථාන ගොඩනැගිලි සංවර්ධනය ද ඇතුළු මරදානේ සිට රාගම දක්වා දුම්රිය මාර්ගය,කැළණි වැලි මාර්ගයේ මරදාන සිට මාකුඹුර දක්වා දුම්රිය මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ මරදාන සිට පානදුර දක්වා දුම්රිය මාර්ග විදුලි දුම්රිය මාර්ග ඉදිකිරිම සදහා අවශ්‍ය පියවර ගැනිමට නියමිතයි.