.webp)
 (3)-618694.jpg)
ඒ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙනි.
සෞඛ්‍ය කේෂත්‍රයේ සියලු පාර්ශවයන්ට ඒ සඳහා කැඳවීම් කර තිබේ.
අදාළ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ යී.
මේ අතර ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 112 ක් හඳුනා ගෙන ඇතැයි, ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ තවදුරටත් වැඩිම ඩෙංගු ව්‍යාප්තියක් මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ වාර්තා වන බවයි.
මාතර, ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල හා කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලද ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වේ.
වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලට අමතරව මාතර දිස්ත්‍රික්කයේද රෝහල්වල ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාවට පැමිණ ඇති බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන්, 46,037 ක් වාර්තාවේ.
එය, 2024 සහ 2025 වසරවලට සාපේක්ෂව පැහැදිලි වැඩිවීමක් බව ද, ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ ය.
