දැරණියගලදී අත්අඩංගුවට ගත් සිව්දෙනා රිමාන්ඩ්...

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් දැරණියගලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනෙකු ජූලි 3 වැනිදා දක්වා රිමාන්ඩ්...

by Staff writer 21-06-2026 | 1:06 PM

COLOMBO(News1st) - පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් දැරණියගලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් හතර දෙනෙකු ජූලි 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔවුන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අයුතු ජනරාශියක සාමාජිකයින් වී, පහරදී පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට තුවාල සිදුකර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන්, පෙරේදා ඔවුන් අත්අඩංගුවට ගැනුණි.

ගැටුමින් තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන්, ඊයේ පස්වරුවේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බව, පොලීසිය සදහන් කළේ ය.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 24 900 ක් ද, පොලිස් භාරයට ගැනුණි.