.webp)

විදෙස් මාධ්‍ය වාර්තා කළේ , පාකිස්ථානය නියෝජනය කරමින් එරට අගමැති ෂෙබාස් ෂරීෆ්, පාකිස්ථාන හමුදා ප්‍රධානි ෆීල්ඩ් මාෂල් අසම් මුනීර් සහ , ඇමරිකාව නියෝජනය කරමින් එරට උප ජනාධිපති ජේ.ඩී වෑන්ස් ඒ අතරට ඇතුළත් බවයි.
ඇමරිකාව සහ ඉරානය අතර සාමය සඳහා වු තාක්ෂණික මට්ටමේ පාර්ශව හතරක සාකච්ඡා අද පැවැත්වේ.
ඇමරිකා - ඉරාන පාර්ශව ප්‍රධාන පාර්ශව ලෙසත් පාකිස්ථාන සහ කටාර් නියෝජිතයින් මැදිහත්කරුවන් ලෙසත් ඊට සම්බන්ධ වනු ඇති.
ඉරානය නියෝජනය කරමින් එම සාකච්ඡා සඳහා එරට පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් ගලිබාෆ් සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඇතුළු පිරිසක් සහභාගී වන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
එහිදී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් සීමා කිරීම, සම්බාධක ඉවත් කිරීම සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයේ ආරක්ෂාව තහවුරු කිරිම ආදි කරුණු පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
