.webp)

සැකකරු මුදා හැරුණේ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ ප්රධාන මහේස්ත්රාත්වරයා විදේශ ගමන් බලපත්ර අධිකරණයට භාරදෙන ලෙසද නියෝග කළේය.
අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග.එස්. බෝදරගම හමුවට අද(19) පස්වරුවේ ඉදිරිපත් කළේය.
එහිදී විමර්ශන නිලධාරීන් කියා සිටියේ නිසි ප්රසම්පාදන ක්රියාවලියකින් තොරව ඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගමට ලුණු ඇසුරුම් ලබාගෙන රුපියල් එක් කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් රජයට පාඩු සිදුකිරීමට අදාළව සැකකරුව අත්අඩංගුවට ගත් බවයි.
සැකකරු මෙම ක්රියාවෙන් අදාළ සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් සැලසීම තුළින් දූෂණය නමැති වරද සිදුකිරීම කර ඇති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස විමර්ශන නිළධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකරුව ඇප මත මුදා හැරියේය.
