''සිරස රුහුණු මායා පොසොන් පූජා'' මෙවර ස්ථාන 3ක සිට

''සිරස රුහුණු මායා පොසොන් පූජා'' මෙවර ස්ථාන 3ක සිට..

by Staff writer 17-06-2026 | 9:25 PM

COLOMBO(News1st) -  රුහුණු මායා පොසොන් පූජා 2026  පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද(17) පෙරවරුවේ රත්මලාන ස්ටයින් ස්ටූඩියෝ හිදී පැවැත්වුණි.

ඒ මහා සංඝරත්නයේ හා සිරස මාධ්‍ය ජාලයේ ජ්‍යේෂ්ඨ කළමණාකාරීත්වයේ සහභාගිත්වයෙන්.

මෙවර රුහුණු මායා පොසොන් පූජා 2026 අම්බලන්තොට, රත්නපුර හා මත්තල කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි.

News1st පොසොන් කලාපය පැවැත්වෙන්නේ අම්බලන්තොට ඓතිහාසික රම්බා රජමහා විහාරස්ථානය කෙන්ද්‍ර කරගනිමින්.

ඒ ලබන 29 හා 30 දෙදින තුළයි.

එහිදී අම්බලන්තොට මහා චේතිය පිරිවෙනෙන් වැඩම කරවන සර්වඥ ධාතූ ප්‍රදර්ශනයක් ඇතුළු දාන සීල භාවනා වැඩසටහන් රැසක් පැවැත්වීමට නියමිතව තිබේ.

සිරස FM ඇතුළු MBC මාධ්‍ය ජාලය විසින් මිනිපුර පොසොන් කලාපය රත්නපුර සද්ධර්මාලංකාර විද්‍යායතනය කෙන්ද්‍ර කර ගනිමින් ලබන  29 වැනිදා සිට ජූලි 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

සිරස TV ඇතුළු MTV මාධ්‍ය ජාලය මෙහෙය වන අංගීරස පොසොන් කලාපය මත්තල අංගීරස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කෙන්ද්‍ර කර ගනිමින් ලබන 27 වැනිදා සිට ජූලි 03 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.