.webp)

පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූවේ ය.
සාමාජික විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කළේ, පුද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයට සහභාගී නොවන බවයි.
පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවා දායකයා අත්අඩංගුවට ගැනීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව සඳහන් කළේ ය.
ඒ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් කියා සිටියේ, නඩුකරයට අදාළ ලේඛන තමන්ට අද පෙරවරුවේ ලැබුණු බවයි.
එමෙන්ම වගඋත්තරකරුවන්ගෙන් තමන්ට මේ දක්වා කිසිදු උපදෙසක් ලැබී නොමැති බවත් ඇය කියා සිටියා ය.
එබැවින් පෙත්සම්කරු අත්අඩංගුවට නොගන්නා බවට අධිකරණයට ප්‍රතිඥාවක් දිය නොහැකි බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය පැවසුවා ය.
අනතුරුව පෙත්සම සලකා බැලීම අද දහවල් දක්වා කල් තැබුණි.
