.webp)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසුවේ, දිලිත් ජයවීර , විමල් වීරවංශ , උදය ගම්මන්පිල , සුගීශ්වර බණ්ඩාර ,මහින්ද පතිරණ සහ අසංක නවරත්න සිදුකළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහසයක් සිදුව ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මේ බව දැනුම් දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් 2024 අංක 8 දරණ අධිකරණ විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහස කිරීමේ පනත අනුව ඉහත සඳහන් පුද්ගලයින් හට අභියාචානාධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කිරීමට කටයුතු කරන බව ද විමර්ශන නිළධාරීන් අධිකරණයට දන්වා තිබේ.
