ළිඳක තිබී පිරිමි දරුවෙකුගේ මල සිරුරක් සොයා ගනී

පේදුරුතුඩුවේ ළිඳක තිබී පිරිමි දරුවෙකුගේ මල සිරුරක් සොයා ගනී

by Staff writer 13-06-2026 | 10:29 AM

COLOMBO(News1st) -  පේදුරුතුඩුව, පුලෝලි දකුණ ප්‍රදේශයේ ළිඳක තිබී පිරිමි දරුවෙකුගේ මල සිරුරක් සොයා ගෙන තිබේ.

එලෙස සොයා ගෙන ඇත්තේ, 06 හැවිරිදි පිරිමි දරුවෙකුගේ මල සිරුරක්.

එම දරුවා අතුරුදන්ව ඇති බවට ලද පැමිණිල්ලක් මත  කළ විමර්ශනයකදි සිරුර සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.