බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය තුන් ගුණයකින් ඉහළට.

බන්ධනාගාර රැඳවියන්ගේ තදබදය තුන් ගුණයකින් ඉහළට.

by Staff writer 12-06-2026 | 11:22 AM

COLOMBO (News 1st) -  දිවයිනපුරා බන්ධනාගාර වල සිටින රැදවියන් සංඛ්‍යාව හතලිස් දහසක් දක්වා ඉහළ ගොස් තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධානාගාර කොමසාරිස් මෙහෙයුම් අනුරුද්ද ගජනායක සඳහන් කළේ, බන්ධනාගාරවල පහසුකම් ඇත්තේ රැදවියන් එකොළොස්  දහසකට පමණක් බවයි.

දැනට සිටින රැඳවියන්ගෙන් දස දහසක් පමණ දඬුවම් ලබා ඇති රැඳවියන්ය.

අනෙක් තිස් දහස රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවන් බවද  මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.