පොසොන් සමයේ අධික ශබ්ද පිටකරන යතුරුපැදි අත්අඩංගුවට

පොසොන් උත්සව සමයේ අධික ශබ්දය පිටකරමින් ධාවනය කරන යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට පියවර - පොලීසිය

by Staff writer 12-06-2026 | 10:51 AM

COLOMBO (News 1st) - පොසොන් උත්සව සමයේ අධික ශබ්දය පිටකරමින් ධාවනය කරන යතුරුපැදි අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසයි.

රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ජී. ජේ. සේනාධිර  සඳහන් කළේ, එවැනි යතුරුපැදි වහාම පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස් නිළධාරින්ට උපදෙස් ලබාදි ඇති බවයි.

වෙසක් උත්සව සමයේ එවැනි යතුරුපැදි දහසක් පමන අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ය.