.webp)

ඒ, රුපියල් ලක්ෂ 50 බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම, විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන්නැයි නියෝග කළේ ය.
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පෙරේදා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, අද(12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව රුපියල් ලක්ෂ 165කට පෞද්ගලික ආයතනයකින් පුටු මිලදී ගැනීම සහ ඒවා අස්ථානගත කිරීමෙන්, දූෂණය නමැති වරද සිදුකළ බවට, සැකකරුට චෝදනා එල්ල වෙයි.
