.webp)

එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ ප්‍රධාන ඉංජිනේරු චාමර යාපා ආරච්චි සඳහන් කළේ, ඒ පිළිබඳව ගඟ දෙපස ජනතාව දැඩි අවධානය යොමු කළ යුතු බවයි.
මීට අමතරව කැලණි නිල්වලා හා ගිං ගංගාවල හා අත්තනගලු ඔයේ ජල මට්ටටම්ද ඉහළ යමින් ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලත්, උතුර, උතුරු මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40 - 50ත් දක්වා තද සුළං ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශ වල ද, පැයට කිලෝමීටර 40 ක් පමණ දක්වා තරමක තද සුළං ඇති විය හැකියි.
මුහුදු ප්‍රදේශ වල සුළං වේගය, පැයට කිලෝමීටර 60 - 70 ත් දක්වා ඉතා රළු විය හැකි බැවින්, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
ඒ, එම මුහුදු ප්‍රදේශ වල සුළං වේගය, පැයට කිලෝමීටර 60 - 70ත් දක්වා ඉතා රළු විය හැකි බැවින්.
දිවයිනේ සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකියි. ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
කළුතර, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙන්නේ, ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසයි.
