එල්නිනෝ තත්ත්වය හමුවේ විදුලි සැපයුමට මොකද වෙන්නේ ?

එල්නිනො අවදානම හමුවේ අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට සැලසුම් - බලශක්ති ඇමති

by Staff writer 12-06-2026 | 9:28 AM

COLOMBO (News 1st) - එල්නිනො තත්ත්වයෙන් බලපෑම් එල්ල වුවද අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ, එල්නිනො තත්ත්වය හමුවේ ජල විදුලියට පමණක් යම් තරමක බලපෑමක් සිදු විය හැකි බවට දැනට අනුමාන කර ඇති බවයි.

කෙසේ වෙතත් බලශක්ති ඉතිරි කර ගැනීමට විදුලි විසන්ධි කිරිමකට කිසිදු අපෙක්ෂාවක් නොමැති බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එල්නිනො තත්ත්වය හේතුවෙන් බලශක්ති ක්ෂේත්‍රයට බලපෑමක් එල්ලවනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ඉදිරි සතියේ පවත්වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.