.webp)

පොලීසිය සඳහන් කළේ, ළමුන් පිරිසක් දියනෑමට ගිය අවස්ථාවේ ඉන් හය දෙනෙකු දියේ ගිලී ඇති බවයි.
ඉන් පස්දෙනෙකු මුදාගෙන රෝහල් ගත කර තිබේ.
ළමුන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට සහ ළමුන් තුන්දෙනෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර තිබේ.
එහිදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ 11 හැවිරිදි මාළිගාවත්තේ පදිංචි දරුවෙකු මියගොස් තිබේ.
අතුරුදන් වූ තවත් දස හැවිරිදි දරුවෙකු සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.
