සැමියා කළ පහරදීමකින් බිංගිරියේ කාන්තාවක් මරුට.

සැමියා කළ පහරදීමකින් බිංගිරියේ කාන්තාවක් මරුට.

by Staff writer 11-06-2026 | 11:21 AM

COLOMBO (News 1st) - බිංගිරිය, පඩිවෙලදී,  ස්වාමි පුරුෂයා කළ පහරදීමකින් බිරිඳ මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ස්වාමි පුරුෂයා ද, අසනීප තත්ත්වයක් හේතුවෙන් බිංගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

මියගිය යුවල, අවුරුදු 59 සහ 61 යන වයස්වල පසුවෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.