දවසේ කාලගුණ තත්ත්වයේ නවතම තොරතුරු

මුහුද රළු වෙයි, ප්‍රදේශ රැසකට තද සුළං සහ තරමක තද වැසි, දවසේ කාලගුණ තත්ත්වයේ නවතම තොරතුරු

by Staff writer 11-06-2026 | 7:45 AM

COLOMBO (News 1st) - කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

ඒ, එම මුහුදු ප්‍රදේශ වල සුළං වේගය, පැයට කිලෝමීටර 50 - 60ත් දක්වා ඉහළ යා හැකි බැවිනි.

දිවයිනේ සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට රළු විය හැකියි.

ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලටත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වලත්, උතුර සහ උතුරු මැද පළාත් වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලත්, පැයට කිලෝමීටර 
40 - 50ත් දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.