සිරස TV අද 28 වැනි සංවත්සරය සමරයි

මෙරට රූපවාහිනී කලාව වෙනස් කළ, හදවත් බැඳි සිරස TV අද 28 වැනි සංවත්සරය සමරයි

by Staff writer 10-06-2026 | 8:18 AM

COLOMBO(News1st) - මෙරට රූපවාහිනී කලාව වෙනස් කළ, හදවත් බැඳි  සිරස TV

අද සිය 28 වැනි සංවත්සරය සමරයි.

ඒ,අදහසට නිදහසක් යන තේමාවෙන්

1998 වසරේ  ජුනි මස අද වැනි දිනක ලාංකීය පේක්ෂකයින්ට නවමු අත්දැකීමක් එක් කර දෙමින් ආරම්භ වූ සිරස ටීවි මෙරට ප්‍රේක්ෂකයින්ට සැමදා අලුත් අත්දැකීම් රැසක් ගෙනදුන් නාලිකාවකි.

රූපවාහිනී කලාවේ සම්ප්‍රදායන් බිඳදමමින්, ලාංකීය ප්‍රේක්ෂකයාට ජාත්‍යන්තර අත්දැකීම් රැසක් තිළිණ කළ සිරස ටීවී  මෙරට රියැලිටි කලාවේ දැවැන්ත පෙරළියක් කළේ ය.

එදා රූපවාහිනියේ අලුත් රූප මැවූ සිරස වසර 28 කට පසුව අදත් ජන  හදවත් තුළ ජීවත් වන නාලිකාවයි.

සිරස සැමදා සිට ගත්තේ ජනතාව සමගයි.

ඔවුන්ගේ හඬට ජීවය දුන් සිරස නව වැඩසටහන් රැසක් හරහා ජන හදවත් වල සදා කල් රැඳෙන මතකයින් රැසක් ඉතිරි කළේ ය.

ඒ රස පූර්ණ දෙස් - විදෙස් ටෙලි නාට්‍ය , කලාත්මක, කාලීන හා දේශපාලන වැඩසටහන් සමගින් ය.

ගම්දනව්වල සිටින දක්ෂයින් වෙනුවෙන් එදා සිරස ටීවි තැනූ සිරස සුපර්ස්ටාර් වේදිකාවෙන් බිහිවූ දක්ෂයින් මෙරට ගීත ක්ෂේත්‍රෙය් දැවැන්තයින් බවට අද පත් වෙළේ ය.

ඉන් නොනැවතුනු සිරස අන්තර්ජාතික ප්‍රමිතිකරණයෙන් යුත් වැඩසටහනක් රැසක් ලංකීය ජනතාවට තිලිණ කළේ ය.

ජාත්‍යන්තර සන්නාම රැසක නිල උරුමකරුවා වන සිරස ටීවී ඔබට තිළිණ තළ ,සිරස ලක්ෂපති , මනී ඩ්‍රොප් , සහ ද වොයිස් හා වොයිස් ටීන් යන වරලත් වැඩසටහන් මෙරට ප්‍රේක්ෂකයින්ට නවමු අද්දැකීමක් විය.

කෙතරම් අභියෝග පැමිණියත් , කෙතරම් තර්ජන පැවතියත් සිරස ටී වි සැමදා ජනතාව සමගයි.