.webp)
-617895.jpg)
ඒ, අද අලුයම අමෙරිකාව ඉරානයට එල්ල කල ප්‍රහාර වලට ප්‍රතිචාර දක්වමින් ය.
අමෙරිකාව යුධ පිටියේ පරාජය වී තිබියදී පවා, තවදුරටත් ඉරානයේ අධිෂ්ඨානය පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බවත්,, ඉරානයේ ප්‍රබල සන්නද්ධ බලකායන් ඕනෑම සතුරු ප්‍රහාරයකට හෝ තර්ජනයකට ප්‍රතිචාර දක්වන බවත් ඉරාන විදේශ අමාත්‍යවරයාගේ පණිවුඩයේ දැක්වෙයි.
බලහත්කාරයෙන් පර්සියානු ගල්ෆ් කලාපයට ඇතුළු වූ පිටස්තරයින්ට අත් වූ බිහිසුණු ඉරණම් පිළිබඳ පරිච්ඡේද රැසක් ඉතිහාසයේ ලියැවී ඇති බවද ඉරාන විදේශ අමාත්‍යවරයාගේ අනතුරු ඇඟවීමේ සඳහන්.
මේ අතර, අල්ජසීරා පුවත් සේවය සමඟ කෙටි සාකච්ඡාවකට එක්වෙමින්,, ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, ඊයේ හෝමූස් සමුද්‍ර සන්ධියේ කඩා වැටුණු අමෙරිකානු හෙලිකොප්ටර් යානයට එල්ල වූ බව කියන ප්‍රහාරයේ වගකීම ඉරානය භාර නොගන්නා බවයි.
නමුත් ප්‍රදේශයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ එවැනි සිදුවීම් "නොදැනුවත්ව" සිදුවිය හැකි බවද ඔහු සඳහන් කළේ ය.
