අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගැන නිවේදනයක්

අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කළමණාකරණ සේවා දෙපාර්ත‍මේන්තුවේ අනුමැතිය..

by Staff writer 10-06-2026 | 9:33 AM

COLOMBO(News1st) - අධ්‍යාපනවේදි උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කළමණාකරණ සේවා දෙපාර්ත‍මේන්තුව අනුමැතිය ලබා දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, ඒ අනුව පළාත් සභා මට්ටමෙන් එම බඳවා ගැනීම මේ වසර අවසානයට පෙර සිදු කරන බවයි.

මේ අතර, පසුගියදා පැවැත්වූ උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ සිමිත හා වීවෘත තරග විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසයේදී නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යංශය සඳහන් කළේ ය.

ගුරු විභාගයේ ප්‍රතිඵල මත ගුරු සේවයට බඳවා ගන්නා සංඛ්‍යාව 23,006 කි.

ඉන් සිමිත තරග විභාගයෙන් 15000 ක් ගුරු සේවයට බඳවා ගන්නා අතර සෙසු පිරිස විවෘත තරග විභාගයෙන් බඳවා ගැනිමට නියමිතයි.

මේ වසර අවසානයට පෙර ඔවුන්ට පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

විද්‍යා පීඨ ඩිප්ලෝමා ධාරීන් 6500ක් ද දෙසැම්බර් මාසයේදී ගුරු සේවයට බඳවා ගැනෙනු ඇති.

ඒ අනුව මේ වසරේ ගුරු සේවයට 31,000 කට වැඩි පිරිසක් බඳවා ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ය.

මේ වනවිට මෙරට ගුරු පුරප්පාඩු සංඛ්‍යාව 44,000කි.