වෛද්‍යවරුන් 2000ක් සිමාවාසික පුහුණුවට....

සිමාවාසික පුහුණුවට වෛද්‍යවරුන් 2000ක් බඳවා ගැනීමට පියවර - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 09-06-2026 | 3:55 PM

COLOMBO(News1st) - සිමාවාසික පුහුණුව සදහා වෛද්‍ය සිසුන් 2000 ආසන්න සංඛ්‍යාවක් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජේමුණි සඳහන් කළේ, අගෝස්තු මාසයේදී ඔවුන් බඳවා ගන්නා බවයි.

විදේශ රටවල උපාධිය හැදෑරු සිසුන්ද එහිදී බඳවා ගැනීමට නියමිතයි.

වෛද්‍ය හිඟය මගහරවා ගැනීමට එය පිටිවහලක් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වරයා සඳහන් කළේ ය.