විදෙස් අපරාධකරුවෙකුගේ සහයකයින් 10ක් අත්අඩංගුවට.

විදෙස්ගත අපරාධකරුවෙකුගේ සහයකයින් 10 දෙනෙකු ජීව අත්බෝම්බයක්, තියුණු ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ, අඟුලාන, මොරටුව සහ රත්මලානේදී අත්අඩංගුවට. - පොලීසිය

by Staff writer 09-06-2026 | 10:15 PM

COLOMBO(News1st) - ගල්කිස්ස,දෙහිවල සහ අඟුලාන ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුමකින් විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ අනුගාමිකයින් 08 දෙනෙකු අතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද(09) අළුයම ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් කණ්ඩායමක් විසින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සතුව තිබී ජිව අත්බොම්බයක්,අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 35ක්  සහ කඩු 05ක් සොයාගෙන තිබේ.

සැකකරුවන් 20 - 56ත් වයස්වල පසුවන පුද්ගලයින් ය.

සැකකරුවන් දෙහිවල ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහරදී බරපතල තුවාල සිදු කිරිම්වලට සම්බන්ධ බවට අනාවරණ වී තිබේ.