ඩෙංගු මර්දන වැඩසටහනෙන් පරිශ්‍ර 70,000ක් පරීක්ෂාවට!

ඩෙංගු මර්දන වැඩසටහනේ පළමු දිනයේ පරිශ්‍ර 70,000ක් පරීක්ෂාවට!

by Staff writer 09-06-2026 | 7:53 AM

COLOMBO(News1st) - තුන්දින ඩෙංගු මදුරු මර්දන වැඩසටහනේ ආරම්භක දිනයේ පරිශ්‍ර 70,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවටට ලක් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, එහිදී නිවෙස්, පාසල්, රාජ්‍ය ආයතන රැසක ඩෙංගු මදුරුවන් බෝවිය හැකි සහ ඩෙංගු මදුරු කීටයින් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් හඳුනා ගත් බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළ තෙදින විශේෂ ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන ඊයේ(08) දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 72ක ආරම්භ කෙරුණි.

මෙම තෙදින ජාතික ඩෙංගු මදුරු මර්දන වැඩසටහන හෙට දක්වා ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රජා මූලික සංවිධාන, ග්‍රාමීය කමිටු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ඩෙංගු සහායකයින් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමග එක්ව කණ්ඩායම් වශයෙන් ගෙයින්ගෙට ගොස් පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කළා

පරිශ්‍ර රැසක මදුරු කීටයින් සහිත ස්ථාන වාර්තා වීම හේතුවෙන් ඒවා සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ද ගැනීමට නියමිතයි..

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 36168 දෙනෙකු වාර්තා වේ.

ඩෙංගු රෝගය හේතුවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 20ක්.