.webp)

ඒ පිළිබදව සාකච්ඡා කර ඇත්තේ ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ රැස්වීමක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති අවස්ථාවේදීයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පවත්වා තිබේ.
එසේම එල්-නිනෝ තත්ත්වය හමුවේ කෘෂිකර්ම ක්ෂේත්රයට ඇති විය හැකි බලපෑම පිළිබඳව එහිදී විශේෂ අවධානය යොමු වී තිබේ.
ඉදිරියේදී එළැඹෙන යල කන්නයට අවශ්‍ය ජලය ජලාශවල ගබඩා කර ගැනීම සහ පානීය ජලය සුරක්ෂිත කර ගැනීම සම්බන්ධවද එහිදි සාකච්ඡා කර තිබේ.
ඒ පිළිබඳව අදාළ ආයතනවල අදහස් සහ යෝජනා ලබා දෙන ලෙස අමාත්‍ය වසන්ත සමරසිංහ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සඳහන් වේ.
මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් ඉදිරියේදී පැවැත්වීමටද එහිදී තීරණය කර තිබේ.
එල් - නිනෝ තත්ත්වයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධව සැලසුම් සකස් කර එදිනට ඉදිරිපත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතනවලට උපදෙස් ලබා දී තිබේ.
