ප්‍රාණ ඇපයට ගෙන සිටි ලාංකිකයින් තිදෙනා මුදා ගැනේ..

ඉතියෝපියාවේදී සංවිධානාත්මක අපරාධ කල්ලියක් ප්‍රාණ ඇපයට ගෙන සිටි ලාංකිකයින් තිදෙනා මුදා ගැනේ...- විදේශ කටයුතු අමාත්‍යාංශය

by Staff writer 08-06-2026 | 8:47 AM

COLOMBO (News 1st) - ඉතියෝපියාවේදී සංවිධානාත්මක අපරාධ කල්ලියක් ප්‍රාණ ඇපයට ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් තුන් දෙනා මුදාගෙන ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකා සහ ඉතියෝපියානු බලධාරීන් ඒකාබද්ධව දියත් කළ මෙහෙයුමකින් පසු, එලෙස ප්‍රාණ ඇපයට ගෙන සිටි ශ්‍රී ලාංකිකයන් තුන් දෙනා මුදාගෙන ඇති බවයි.

ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අදාළ කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතී.

එලෙස ප්‍රාණ ඇපයට ගෙන සිටියේ ඉතියෝපියාව හරහා කැනඩාව බලා යාමට ගිය යාපනය ප්‍රදේශයේ පුද්ගලයන් තුන් දෙනෙක්.

තමන් නිදහස් කිරීම සඳහා අපරාධ කල්ලිය කප්පම් මුදල් ඉල්ලා සිටින බවට ඔවුන් ඥාතීන්ට දන්වා තිබිණි.

ඔවුන් තිදෙනා විදෙස් ගතකල සැකකරුද පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි.