.webp)

ඒ සැකකරු අද(07) හෝමාගම වැඩබලන මහේස්ත්රාත් තරිඳු ගමගේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පන්නිපිටිය පැලැන්වත්ත ප්රදේශයේ පදිංචිකරුවක්.
රිය අනතුරින් පසු පලාගොස් සැඟව සිටි, කැබ් රථයේ හිමිකරු සහ අනෙක් පුද්ගලයා මීගොඩ පොලීසිය විසින් ඊයේ(06) අත්අඩංගුවට ගැනුණි.
ඒ අනතුරින් දින 6කට පසු ඔවුන් නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලීසියට භාරවීමෙන් අනතුරුවයි.
අනතුර සිදුවන අවස්ථාවේ රියැදුරුට අමතරව රථයේ හිමිකරු ඇතුළු තුන් දෙනෙකු රථය තුළ සිට තිබේ.
අනතුරෙන් පසු ඔවුන් රථයෙන් බැස පලාගොස් ඇති බවට පොලීසියට තොරතුරු අනාවරණ විය.
අනතුරින් පසු පලාගිය සැකකාර 42 හැවිරිදි රියැදුරු ලුහුබැඳ ගොස් ගොඩගම ප්රදේශයේදී පොලිස් භාරයට ගැනුණි.
මේ අනුව අත්අඩංගුවට ගත් සියලු සැකකරුවන් ලබන 16 වනදා තෙක් මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
පසුගිය 31 වෙනිදා රාත්රීයේදී දන්සැල් පෝලිමක සිටි පිරිසක් වෙත ජීප් රථයක් ධාවනය කිරීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් 07 දෙනෙකු තුවාල ලැබී ය.
