තියුණු ආයුධයකින් පහර දී බිරිඳ සැමියාව ඝාතනය කරයි

තියුණු ආයුධයකින් පහර දී බිරිඳ සිය සැමියා ඝාතනය කරයි, ඝාතනය හේතුව පවුල් ආරවුලක් බවට අනාවරණයක්...

by Staff writer 07-06-2026 | 5:01 PM

COLOMBO(News1st) - පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අද අලුයම ඝාතනයක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, බිරිඳ විසින් සිය සැමියාව තියුණු අයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවයි

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හොරණ, අරඹකන්ද ප්‍රදේශයේ පදිංචි 50 හැවිදිරි තිදරු පියෙක්,

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඇය අද(07) හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.