ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක්

කන්කසන්තුරය - කල්පිටිය දක්වා මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

by Staff writer 07-06-2026 | 8:34 AM

COLOMBO(News1st) -කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැණුම් දෙයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, එම මුහුදු ප්‍රදේශවෙල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60 ත් 70 ත් අතර පැවතිය හැකි බවයි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකියි.

ත්‍රිකුණාමලය සිට මුලතිවු හරහා කන්කසන්තුරය දක්වා සහ කල්පිටිය සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර පැවතිය හැක.

මන්නාරම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළවල උස මීටර් 2 ත් 2.5 ත් අතර මට්ටමකින් ඉහළ යා හැකියි.