.webp)
-617617.jpg)
ඒ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නියමයෙන් ය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත වෘත්තීයමය පරිවර්තනයක් සනිටුහන් කරමින්, "ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයින්ගේ ආයතනය" පිහිටුවීමේ පනත් කෙටුම්පත , ගැසට් කර තිබේ.
මෙරට මාධ්‍ය වෘත්තිකයින්ට, වෘත්තීය වටිනාකමක් මෙන්ම නීතිමය පිළිගැනීමක් ලබාදීම එහි අරමුණයි.
එම පනත් කෙටුම්පත මගින් මෙරට ප්‍රථම වතාවට "වරලත් මාධ්‍යවේදී" හෙවත් "Chartered Journalist" යන නිල නාමය සහ සහතිකය හඳුන්වා දී තිබේ.
මෙතෙක් රටේ පවතින නීති පද්ධතිය තුළ නිශ්චිතව අර්ථ දක්වා නොතිබූ "මාධ්‍ය වෘත්තිකයා " කවුරුන්ද යන්න පිළිබඳව පුළුල් නිර්වචනයක් ද, පනත් කෙටුම්පත මඟින් ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයක්.
ආයතනයේ සාමාජිකත්වය ලබාදීමේදී ඔවුන් විවිධ වෘත්තීය ශ්‍රේණි යටතේ වර්ගීකරණය කිරීමට එමගින් ප්‍රතිපාදන සලසා තිබේ.
මෙතෙක් සාම්ප්‍රදායික මාධ්‍යවලට පමණක් සීමා වී තිබූ එම වෘත්තීය පිළිගැනීම, මින් ඉදිරියට නිසි ප්‍රමිතීන්ට යටත්ව ඩිජිටල් මාධ්‍ය, වෙබ් මාධ්‍ය සහ නිදහස් මාධ්‍ය වෘත්තිකයින් සඳහා ද "ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය" විවෘත වෙයි.
ලියාපදිංචි වන සියලුම සාමාජිකයින් වෙනුවෙන් නව ජාතික මාධ්‍ය ආචාරධර්ම සහ ප්‍රමිති පද්ධතියක් එම ආයතනය මගින් බලාත්මක කරනු ඇති.
එම ආචාර ධර්ම උල්ලංඝණය කිරීම් හෝ වෘත්තීය නොවන හැසිරීම් සම්බන්ධයෙන් ජනතාවගෙන් ලැබෙන පැමිණිලි විභාග කිරීම සඳහා ස්වාධීන විනය කමිටුවක් පත් කිරීමට ද පනතින් ප්‍රතිපාදන සැළසෙයි.
