සත්කාරක නිවසේ මිය ගිය 5කගේ සිරුරු ඥාතීන්ට

අඟුරුවාතොට සත්කාරක නිවසේ ගින්නෙන් මිය ගිය 5 දෙනෙකුගේ සිරුරු ඥාතීන්ට භාරදෙයි

by Staff writer 06-06-2026 | 1:05 PM

COLOMBO(News1st) - අඟුරුවාතොට බටගොඩ සත්කාරක නිවසේ ගින්නෙන් මිය ගිය 5 දෙනෙකුගේ සිරුරු ඥාතීන්ට භාරදී තිබේ.

පොලීසිය පැවසුවේ, හොරණ රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්ෂනවලින් අනතුරුව අදාළ සිරුරු ඥාතීන්ට භාරදුන් බවයි.

මියගිය තවත් පුද්ගලයින් තුන් දෙනෙකුගේ මරණ පරීක්ෂණ කටයුතු අද සිදුකිරීමට නියමිත අතර ඥාතින් භාර නොගන්නා මල සිරුරුවල අවසන් කටයුතු දින 14 කින් පසුව රජයේ වියදමින් සිදුකිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.

ගින්න සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව සහ විදුලිබල මණ්ඩල වාර්තාව මේ වනතෙක් ලැබී නැති බවද පොලීසිය පවසයි.

තුවාල ලැබූවන්ගෙන් තුන් දෙනෙකු හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක් අයෙකු ප්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේයි.

දෙදෙනෙකු ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් තිබේ.

පසුගිය තුන්වැනිදා ඇතිවූ එම ගින්නෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 5 දෙනෙකු තුවාල ලැබී ය.

අදාළ සත්කාරක නිවස ලියාපදිංචියකින් තොරව පවත්වාගෙන ගොස් ඇති බවටද අනාවරණවී තිබේ.

ගිනි ගැනීමට ලක්වූ සත්කාරක නිවසේ අධ්‍යක්ෂවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.