.webp)
 (2)-617497.jpg)
ඒ 2026 රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනිමිනි.
ඔහු මෙම තරගය ජයගත්තේ තරගාවලි වාර්තාවක් සහ ශ්‍රී ලංකා වාර්තාවක් ඇතුළුව තවත් වාර්තා රැසක් පිහිටුවමිනි.
ඔහු මෙම තරගයේදී මීටර 92යි දශම 6යි 2ක දක්ශතාවක් ප්‍රදර්ශනය කළේ ය.
එම දක්ෂතාවත් සමග ඉතිහාසයේ මෙතෙක් හොඳම හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ 8වැනි ස්ථානයට පත් වීමට සහ ඉතිහාසයේ දෙවැනි හොඳම ආසියානු හෙල්ල විසි කරන්නා බවටද පත්වීමට ඔහුට හැකි විය.
පසුගිය වසර 4ක කාලය තුළ මෙම ඉසව්වට ක්‍රීඩකයෙකු ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාවය ද මෙයයි.
මෙවර තරග සමයේදී හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්වට ක්‍රීඩකයෙකු ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව ද මෙය වේ.
ඩයමන්ඩ් ලීග් තරගාවලි ඉතිහාසයේ නව තරගාවලි වාර්තාවක් තැබූ රුමේෂ් බිඳ හෙලුවේ 2006 වසරේදී මීටර 90යි දශම 3යි 4ක දක්ෂතාවක් දක්වමින් ඇන්ඩ්‍රියාස් තෝකිල්ඩ්සන් විසින් පිහිටුවා තිබූ වාර්තාවයි.
තමාගේ නමින් ලියැවී තිබූ මීටර 89යි දශම 3යි 7ක ජාතික වාර්තාව අලුත් කරන්නටද, මෙම තරගයේදී රුමේෂ් සමත් විය.
හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වට ක්‍රීඩකයෙක් මෙතෙක් ප්‍රදර්ශනය කළ ලොව ඉහළම දක්ෂතාව මීටර 98යි දශම 4යි 8ක්.
රුමේෂ් මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීම්හි 5වැනි ස්ථානයේ පසු වේ.
