ජුනි මාසයට ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ..

ජුනි මාසයට ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නෑ..

by Staff writer 05-06-2026 | 7:24 PM

 

COLOMBO (News 1st) - ජුනි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදුනොකරන බව  ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගම පවසන්නේ, ජාත්‍යන්තර වෙළඳපොළ ගෑස් මිල සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද, පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදුනොකරන බවයි

මේ අනුව 2026 මැයි මාසයට අදාළව දැනට පවතින මිල ගණන් ජුනි මාසය සඳහා ද වලංගු වෙයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,765 කි.

කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,910 ක මිළකට අලෙවි වන අතර කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890 කි.