.webp)
 (8)-617455.jpg)
ඒ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් අතුරින් තෝරාගත් පවුල්වල ජීවනෝපාය සංවර්ධනය කරමින් ඔවුන්ගේ ජන ජීවිතය යළි ගොඩනැගීමේ අරමුණින්.
ඕස්ට්‍රේලියාවේ මින්ඩරූ පදනමේ පූර්ණ සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
නිමිඇඳුම් නිරමානය ,වඩුකර්මාන්තය, පෙදරේරු, විදුලි කාර්මික, ජලනල කාර්මික ශිල්පය ,වැද්දුම් ශිල්පය ඇතුලු වෘත්තීන් කීපයක් වෙනුවෙන් මූලික පුහුණුවක් ලබාදී අවශ්‍ය උපකරණද එහිදී නොමිලයේ ලබාදෙනු ඇත.
ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අදිකාරියේ පූර්ණ සහයෝගයෙන් මේ පුහුණුව ලබා දෙන අතර සහභාගී වන්නන්ට වටිනා සහතිකයක් ද පිරිනමනු ලබයි.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත්වූවන් උදෙසා ක්ෂණිකව ක්‍රියාත්මක වූ අප සහන යාත්‍රාව හරහා ඔවුනට සහන සැලසූ අතර ඉන්පසුව ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා Care & Dare Camp ඔස්සේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදා දෙනු ලැබීය.
