ඇමරිකාවෙන් ලැබුණු Sea Ranger හෙලිකොප්ටර්...

ඇමරිකාවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට Bell TH-57 Sea Ranger හෙලිකොප්ටර් යානා 10ක්...

by Staff writer 02-06-2026 | 6:16 PM

COLOMBO (News 1st) - ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද  Bell TH-57 Sea Ranger වර්ගයේ බහුකාර්ය හෙලිකොප්ටර් යානා 10 මෙරටට ලැබී තිබේ.

නව යානා එකතුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිගුකාලීන මෙහෙයුම් අවශ්‍යතා සපුරාලමින් එහි සමස්ත බලඇණිය ශක්තිමත් කිරීමට ලැබුණු සුවිශේෂී දායකත්වයකි.

දිවයිනට ළඟා වූ හෙලිකොප්ටර් යානා මේ වන විට රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී එකලස් කිරීම සිදුවේ.

එම යානා ඉදිරි දින කිහිපය තුළ අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණ අවසන් කිරීමෙන් අනතුරුව නිල මෙහෙයුම් සඳහා යොදවා ගැනීමට නියමිතයි.

යානා ප්‍රධාන වශයෙන්ම ගුවන් නියමු පුහුණුව, ආපදා ප්‍රතිචාර මෙන්ම සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ඇතුළු විවිධ මානුෂීය කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂිතව ඇතැයි, ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේ ය.