.webp)

ඒ, වැටලීමකදී සිය භාරයට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නීත්‍යානුකූල ක්‍රියාවලියට යොමු නොකොට යළි ඔවුන් වෙත ලබා දීම සඳහා අල්ලස් ලබා ගැනීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලක් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අද (27) උදෑසන සැකකාර ස්ථානාධිපතිවරයා වේයන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පැවසුවේ, පසුගිය 02 වැනිදා වැලිකඩ ප්‍රදේශයේ අන්තර්ජාල වංචා සිදු කළ බව කියන චීන ජාතිකයින් 92 ක් හෝටලයක රැඳි සිටියදී වැලිකඩ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම අවස්ථාවේ එහි සිටි පිරිසක් පලාගොස් ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර 19 ක් පොලිසිය භාරයට ගැණින.
සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා තවත් කාන්තාවක් ද සමග සම්බන්ධ වී එම විදේශ ගමන් බලපත්‍ර යළි චීන ජාතිකයින්ට ලබා දීම සඳහා එලෙස අල්ලස් ලබා ගැනීමට තැත් කර තිබේ.
එහිදි එක් අයෙකුගෙන් ඔහු ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් ලක්ෂ තුනක්.
මේ සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් පසුගිය 17 වැනිදා වැලිකඩ පොලිසිය පරීක්ෂාවට ලක් කළද විදේශ ගමන් බලපත්‍ර හමුවී නොමැත.
පසුව සැකකර පොලිස් නිලධාරීයා විසින් එම විදේශ ගමන් බලපත්‍ර 19 භාරදී ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගත් සැකකර වැලිකඩ පොලියේ ස්ථානාධිපතිවරයා හෙට (28) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
