.webp)

COLOMBO (News 1st) - හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් තුල අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
ඒ, ගාලු මුවදොර , අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි.
සිද්ධියේ සැකකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ඇපෑලක් කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා එම දැනුම්දීම සිදු කළේ ය.
පෙත්සම කැඳවුයේ, ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණයට දැනුම් දුන්නේ වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.
මාසයක් තුළ අධි චෝදනා ගොනු කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණය හමුවේ පැවසුවේ ය.
කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම යළි සැප්තැම්බර් මස 2 වැනිදා කැඳවීමට දින නියම කළේ ය.
