අප්‍රේල් මාසයේ මෙරට අපනයන ආදායම ඉහළට

අප්‍රේල් මාසයේ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380 ඉක්මවයි

by Staff writer 25-05-2026 | 6:00 PM

COLOMBO(News1st) - අප්‍රේල් මාසයේ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,380 ඉක්මවා තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලය පැවසුවේ එය ඉතිහාසයේ අප්‍රේල් මාසයක වාර්තාවූ ඉහළම ආදායම බවයි.

එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව  6%ක වර්ධනයක්.

මේ අතර 2026 වසරේ මුල් මාස 04 තුළ අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,784ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

එය ඉතිහාසයේ වසරක මුල් කාර්තුවක් තුළ ලැබූ ඉහළම අපනයන අදායමයි.