.webp)

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ, කළු ගඟ, පුටුපවුල සහ ඇල්ලගාව ප්‍රදේශවලින් තවදුරටත් ගංවතුර අවදානම් මට්ටමේ පවතින බවයි.
අත්තනගලු ඔය ද, දූනමලේ ප්‍රදේශයෙන් ගංවතුර අවදානම් මට්ටමේ පවතී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ඒ අවට පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.
අධික වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 2ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපකට නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් බලාත්මකයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල , රුවන්වැල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර අයගම කුරුවිට හා ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.
ඊට අමතරව කොළඹ, ගම්පහ, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ද නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
වර්ෂාධික කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 28,933 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ගම්පහ, රත්නපුර, ගාල්ල, කොළඹ, පුත්තලම හා කළුතර ඇතුලු දිස්ත්‍රික්ක කිහිපයක පවුල් 7,482 ක පුද්ගලයින් එලෙස පීඩාවට පත්ව ඇති බවයි.
ආරක්ෂිත ස්ථාන 18 ක රඳවා ඇති පුද්ගලයින් සංඛයාව 1,731ක්.
නිවාස 836 කට ආසන්න සංඛ්‍යාවකට අර්ධ හානි සිදුව ඇති බවද ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
ඔවුන්ට සහන සැලසීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි වේ.
මේ අතර වර්ෂාධික කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතා කරන රියැදුරන් සඳහා වේග සීමා ප්‍රකාශයට පත් කර තිබිණි.
මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩබලන අධ්යක්ෂ ජනරාල් ඒ. පී. කේ. අබේධීර පැවසුවේ පැයට කිලෝමීටර් 60 වේග සීමාවන් යටතේ ගමන් කිරිමට රියැදුරන්ට උපදෙස් ලබා දී ඇති බවයි.
