මෙනින්ජයිටීස් බවට සැක රෝගීන් 116ක් වාර්තා වෙයි.

මෙනින්ජයිටීස් වැළඳුණු බවට සැක කෙරෙන රෝගීන් 116 මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වෙයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 23-05-2026 | 10:35 AM

COLOMBO(News1st) - මෙනින්ජයිටීස් වැළඳුනු බවට සැකකෙරෙන රෝගීන් 116ක් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තාවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසන්ගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන,  වසන්ගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේ, ප්‍රධාන වශයෙන් අපිරිසිදු ජලය හෝ ආහාර මගින් මෙම රෝගය ව්‍යාප්ත වන බවයි.

දැනට දියතලාව ප්‍රදේශයෙන් 28 දෙනෙකු, රිකල්ලගස්කඩ ප්‍රදේශයෙන් 25 දෙනෙකු වැලිමඩින් 13 දෙනෙක් හා දෙනියාය ප්‍රදේශයෙන් 50 දෙනෙකු හඳුනාගත් රෝගීන් අතර වේ.

විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම පැවසුවේ, රෝගය පැතිර යාම වැලැක්වීම සඳහා කටයුතු කරමින් ඇති බවයි.

පවතින වර්ෂාවත් සමග සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.