.webp)

මාතර මහේස්ත්‍රාත් චතුර දිසානායක ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේ ය.
එම කරුණු දැක්වීම් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේ ය.
අයථා ලෙස උපයාගත් මුදල් භාවිත කරමින් මාතර බ්‍රවුන්හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ,ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති ඇගේ ස්වාමිපුරුෂයා වන තිස්ස ගලප්පත්ති ඇතුළු පිරිසකට එරෙහිව එම නඩුව පවරා තිබේ.
