.webp)

දෙල්ගොඩ බැලුම්මහර මාර්ගය උඩුපිල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබේ.
ගම්පහ මිරිස්වත්ත මාර්ගයද ජලයෙන් යටවිම හේතුවෙන් වාහන ධාවනයට බාධා මතුව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ ය.
දිවුලපිටිය මිරිගම මාර්ගයද උල්ලලපිටිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවීමෙන් සැහැල්ලු වාහන ධාවනයට බාධා මතුව තිබේ.
මේ අතර ගස් කඩා වැටීම හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය නාත්තන්ඩිය කුඩාවැවට සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
