කැළණි වැලි සහ පුත්තලම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා

අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට ගස් පෙරළීම හේතුවෙන් කැළණි වැලි සහ පුත්තලම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා

by Staff writer 22-05-2026 | 8:17 AM

COLOMBO(News1st) - අධික වර්ෂාවත් සමග දුම්රිය මාර්ගයට ගස් පෙරළීම හේතුවෙන් කැළණි වැලි සහ පුත්තලම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.

දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ, ඒ හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුවන බවයි.

කොස්ගම සහ අවිස්සාවේල්ල අතරදී කැළණිවැලි මාර්ගයට ගස් පෙරළී තිබේ.

දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ, පුත්තලම මාර්ගයේ මාදම්පේ සහ හලාවත අතර කොටසට ගස් පෙරළී ඇති බවයි.

මාර්ගයට වැටුණු ගස් ඉවත් කිරීම සඳහා කණ්ඩායම් යොමු කර ඇතැයි ද, පාලක මැදිරිය සඳහන් කළේ ය.